ආදරය කොතනද විරහ වේදනාවත් ඔහු පසු පස හඹා ඒවී

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා...
සිනාසුණෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙළුවා...

හිරුට සදුට නොකියා හොර රහසේ..
කාලය වියැකෙනවා.
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා..

පෙර දිනයක මා පෙම් කළ යුවතිය......
සිය පුතු නලවනවා...
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන්..
ඈතින් මතුවෙනවා..

1 comments:

Anonymous said...

ගොඩක් ලස්සනයි.... ලියන්න තව ගොඩක් දේවල්...

Post a Comment