ආයෙමත් අපි හමුනොවනු ඇති
හීන විතරක් දෙනෙත් ළඟ ඇති
හමු නොවුණත් කමක් නෑ
මගේ ආදරේ හැමදාම ළග ඇති........
නොදැක සිටි කල් කල්පයක් වුව
තවම ඔබ හිත හැර ගියේ නැත
උදේ දහවල රැයද හැමවිට
ඔබේ රුව මගේ හදවතේ ඇත..........
පිච්ච මල්වල සුවඳ පොද මෙනි
අපේ ආදරණීය සිතුවිලි
රැයේ සිහිනෙන් නොආවොතින්
හිතේ උපදී දහස් මැසිවිලි........
අහසට ළංවී කවි කියනා
ඒ කඳු පාමුල තණ පඳුරක් වී
ඉන්නම් පොළවට දුක මුමුණා
නිලට නිලයි නිල් පාට අහස් ඟග
රන් තැටියක් සේ සඳ දිලෙනා
සොඳුරු රැයක පිනි වතුර ගලන විට
තනියට මට කඳුළක් වැටුනා
සුදට සුදයි සුදුපාට වළාකුළු
ඔබේ වතට තරුලුව හිඳිනා
ළහිරු සමඟ ඔබ සිනා නඟන විට
තනිවුණු මට හොදටම රිදුණා
මේ කඳුලු මල් මිට ඔබට
වෙන්ව යන විට රැගෙන යනු පිණිස
කොතැන සිටියත් හනික තනියට
ළගට එන්නේ කඳුල සහ සුසුමයි
හුදෙකලා රෑ රුදුරු පාළුව ළඟට පැමිණේ වී
බැඳුනු අත් යුග ගිලිහිලා බව සිතට මුමුණා වී
ළගට විත් හිස පිරිමදින ලෙස මගෙන් ඉල්ලා වී
ඒ වේලාවට කඳුලු ඇවිදින් කොපුල් අතගාවී
බලාගත් විට අහස් කුස දෙස සඳත් බැස යාවී
පිපෙන බිම්මල් සොයා රහසේ ම තරුත් ගිලිහේ වී
ඔබට මා වෙත එන්න බෑ ඔබ දුරයි සීදේවී
ඒ වෙලාවට සුසුම් පිටවී මා සෙයා ඒ වී
නිදි දෙව්දුව මා හැර ගිය
මේ පාළු අන්ධකාර රාත්රියේ
ඝණදුර තුළ සිරවී
සුසුම් හෙළමි.....
ජිවිතය, ජිවිතය ලෙසින්ම
අතහැර දැමු
ඔබ වෙනුවෙන්ම සුසුම් හෙළමි....
ජිවිතයට අරුත් කියා දෙන්නට
තවත් බොහෝ අය
පැමිණි නමුත්....
නුඹ පමණක්ම දන්නා
මගේ ජිවිත රිද්මය
වෙන කවරෙකුට හෝ
අවබෝධ කරගැනීමට
නොහැකි බව
මා දන්නා නිසාවෙන්ම
නුඹ නමින්
සැමදාටම තනිවෙමි.........................
සඳ කිඳුරු ජාතකයේ
සඳ කිඳුරා හා කිඳුරිය
ලෙස ඉන්නට සසරේ
පෙරුම් පුරමු කියා
දෙ අත් බැදන්
ඔබ මට දිවුරුවාට...
එක්ව දෑත් බැදී ඉන්න
අපි දෙන්නා
සසරේ කරපු පින්මදි........
පෙම්වතී ඔබ පෙම්වතා මම
පරම පවිතුරු අපේ සෙනෙහස
අසම්මතයේ සම්මත ව කිම...?
ඔබට මා නැති මටද ඔබ නැති
ලෝකයක් ගැන හිතන්නත් බැරි
මළානික හිරු නික්ම යන තුරු
අතින් අත අරගෙන සිනාසෙමු
රෝස මලකින් බමරු යන ලෙස
ඔබ ව තනිකර යන්න නම් බැරි
අපට අප හැර යන්න වුව ද
සිහින අරණක අපි අපේ වෙමු...............!
සිත ඔබට ආදරය කරයි
සිත් අගිස්සෙන්
සඳක් වෙලා පැයුවාට නුඔ
මගේ නෙත් කැල්මෙන්
රැයක් පුරා සුවඳ දුන් නුඔ
කුමුදු මල ලෙසින්
ගඟක් වෙලා බැස ගියාට නුඔ
තරහ නෑ ඉතින්............!
මට විතරද දුක හිතෙන්නෙ
ඔබ නුදුටුවා ම
මගෙ විතර ද හිත හඩන්නේ
ඔබෙ ඇස් දෙක නුදුටුවාම
හැමදාමත් පුන්සද නෑ
අමාවකට අදුර එන්නෙ
හද නැති දුක දරා ගන්න
අහසින් පිනි කදුළු එන්නෙ
නිල් අහස වගේ තමයි අනේ
ඔබ නැතුවම මං අඩන්නෙ
පියුම් විලෙත් කොළ විතරයි
මල් කැකුළක් නැහැ පිපෙන්නෙ
මල් නැති දුක දරා ගන්න
විලත් වතුර හින්ද ගන්නෙ
ඒ විල වගේම තමයි අනේ
ඔබ නොදැකයි මං තැවෙන්නෙ