ආදරය

සෙනෙහසේ මුරකාරයා මම
ආදරේ හිමි කාරයා නොවුනත්
පෙම්වතුන්ගේ සිහින අතරේ
ඇවිද යමු පෙම් බහට ඉඩ නැතුවත්

ආදරය කවියක් වගෙයි
ඔබ ලගදි කවි මල් අකුරු වෙයි
ඒ කවි කියන්නට උරුම නැති මුත්
ආදරය ආදරයමයි

ආදරය කුසුමක් වගෙයි
ඔබේ සිතේ පුබුදන්නට සිතෙයි
ඒ මල් ඉබින්නට පින් නොමැති මුත්
ආදරේ ආදරේමයි

3 comments:

Shadow/හේමලයා said...

ලස්සන පද පෙළක්.....

ජංජාල චාමර said...

ආදරේ කරන්නට,
ඉඩක් නැතිමුත්,
සිත උතුරනා ඒ හැඟුම,
සදාකල් රැඳේවී...

ඒ,
ආදරේට මා,
ආදරේ නිසාවෙනි....

!_සංකල්ප_! said...

ආදර‍යේ කෙදිනකවත් නැවතුමක් නැත
එය මොහොතින් මොහෙත නැවුම් වේ.....................................................

Post a Comment