!--------::::::: ආදරයේ සුවඳ- :::::::--------!




සිල් සුවඳ විඳින සිතකින්
මල් පෙති සිප හුරු මට
මබෙ කම්මුල් මල් පෙති වාගෙ යි
ආදර සුවඳ හමයි..........

සඳ මියැදෙන පෝයට
තරු මල් දැක හුරු මට
ඔබෙ දෙනෙතට ළංවන විට
සඳ තරු දෙක මගෙ ළඟ.......

මල් පරවෙන නියඟට
බිඟු කඳුළක් හුරු මට 
ඔබ හමුවන සුබ දවසට 
නෙක මල් පිබිදෙයි හිත ළඟ.....

!_-_-_-_-පව් නේද මං-_-_-_-_!

බිම බලාගෙන ඇවිදින
හිනාව හංගන
කෙල්ලෝ අහිංසකයිලු............
ඔයා ගැනත් කවුද එහෙම කිව්වා
මම එහෙම හිතුවා
ඒත්..................
කියපු පොඞි වචනෙකට
ගස්සගෙන බිම බලාගත්තු ඔයා
මූණ රතු කර ගෙන
මට හොරෙන්ම හිනාවෙන ඔයා
අහිංසකයි කියලා හිතපු
මම හරි පව් නේද..................!