පරවු මල



සුවඳක් ගානේ එලියක් නෑනේ
සුමුදු පෙති අතර ගුමුගුමු නෑනේ
තනියක්ද දැනේ පාවෙන ගුවනේ
අතුපතර අරන් පදවනුනෑනේ


නටුවක් නෑනේ බිඟු පැනි නෑනේ
සමනල පැහැයත් මිලින උනානේ
ලත පන නෑනේ සිත දිරි නෑනේ
බැතිබර වී හිඳ මුණිපා නෑනේ


නපුරු උනානේ උඬගු උනානේ
උස අත්තක හිඳ උඩ බැලුවානේ
නවතිනු බෑනේ යලි එනු බෑනේ
පරවු කල මල බිම වැටුනානේ






මා විශේෂයෙන්ම කිව යුතුයි මෙම පද පෙළ  මාගේ මිතුරෙකුවන කමල් කුමාරගේ වන අතර සම්පූර්ණ අයිතිය ඔහු සතුය

0 comments:

Post a Comment