සුභ අලුත් අවුරුද්දක් වේවා.................!



(මේ අලුත් අවුරුද්ද හැමෝටම සුභ වේවා)


මේ ඔබේම ආදර සිතුවිල්ල...........!

මිනිසෙකුගේ ජීවිතයට ගැහැනියක් බලපාන හැටි නිකමටවත් හිතිල තියනවද?

ඕව් සමහරුන්ව කන්නෙත් ගැහැනු, සමහරුන්ව හදන්නෙත් ගැහැනු,
අහම්බෙන් අන්තර්ජාලයේ දැක්ක ලස්සන වැකි කිහිපයක් දැකල මට හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනෙ කියල...පොඩ්ඩක් බලන්න ලස්සනද කියල




මං ඉපදුනු වෙලේ මාව අල්ල ගන්න,
උනුසුම දෙන්න ගැහැනියක් ළග හිටිය...
ඒ තමා 
මගේ අම්ම


I was born,
a woman was there
to hold me : -My Mother-






ළදරුවෙකු ලෙස මා වැඩෙද්දී,
මාව ‍රැකබලා ගන්න,
සෙල්ලම් කරන්න ගැහැනයක් සිටියා.....
ඒ තමා මගේ

සහෝදරිය..


I grew as a child,
A woman was there
to care for me, to
play with me : -My Sister-










මං පාසල් යන විට මට ඉගෙන ගන්න,
උදවු කරන්න ගැහැනියක් සිටියා.
ඒ තමා මගේ
ගුරුතුමිය


I went to school,
A woman was there
to help me learn : -My Teacher-









මා අධ්‍යර්යමත් වන විට,
මා මං මුලා වන විට, මට ප්‍රශ්න විසද ගන්න ,
හැමවිටම මට ශක්තිය ලබා දෙන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
බිරිද


I became depressed, whenever I lost.
A woman was there
to offer a shoulder : -My Wife-








මං සැරපරුෂ වන විට,
මගේ හදවත උනුකරන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
දියනිය

I became tough,
A woman was there
to melt me : -My Daughter-







මා මියැදෙන විට මාව බාර ගන්න ගැහැනියක් ඉදීවි,
ඒ තමා මගේ
ම්ව්බිම


I am dying,
A woman is there to
absorb me in : -My Motherland-



පුංචි තරුව

ඈත අහසේ දිලෙන සුපුන්
හදවත සේම
ළං වෙන්න නොහැකි ලෙස
නූඹ දුරයි මට බෝම
ඒත් සඳ ළග පිපුණු පුංචි
තරුවක් සේම
දුක දරා බලා ඉදිමි නුඹ දෙසම
මා හැමදාම.....................

ඒ පුංචි ආදරේ

මෙම ගීතයේද සම්පූර්ණ අයිතිය කමල් කුමාර සතුයි

පරවු මල



සුවඳක් ගානේ එලියක් නෑනේ
සුමුදු පෙති අතර ගුමුගුමු නෑනේ
තනියක්ද දැනේ පාවෙන ගුවනේ
අතුපතර අරන් පදවනුනෑනේ


නටුවක් නෑනේ බිඟු පැනි නෑනේ
සමනල පැහැයත් මිලින උනානේ
ලත පන නෑනේ සිත දිරි නෑනේ
බැතිබර වී හිඳ මුණිපා නෑනේ


නපුරු උනානේ උඬගු උනානේ
උස අත්තක හිඳ උඩ බැලුවානේ
නවතිනු බෑනේ යලි එනු බෑනේ
පරවු කල මල බිම වැටුනානේ






මා විශේෂයෙන්ම කිව යුතුයි මෙම පද පෙළ  මාගේ මිතුරෙකුවන කමල් කුමාරගේ වන අතර සම්පූර්ණ අයිතිය ඔහු සතුය

ඇය

හොඳන් පණ පොවන ලද
මිටි හිසකි
ඇගේ හිස......


මුල සිටම මම
කුඩා ඇණයක් විය....


තාම ඉඳ හිට
ඒ ඇසින් ලන
පුංචි පහරක්
වුනත් ඇති මට
කඩා බිඳගෙන
බොහෝ ගැඹුරට
අතීතය
විදගෙන බහින්නට.......!

!--------::::::: ආදරයේ සුවඳ- :::::::--------!




සිල් සුවඳ විඳින සිතකින්
මල් පෙති සිප හුරු මට
මබෙ කම්මුල් මල් පෙති වාගෙ යි
ආදර සුවඳ හමයි..........

සඳ මියැදෙන පෝයට
තරු මල් දැක හුරු මට
ඔබෙ දෙනෙතට ළංවන විට
සඳ තරු දෙක මගෙ ළඟ.......

මල් පරවෙන නියඟට
බිඟු කඳුළක් හුරු මට 
ඔබ හමුවන සුබ දවසට 
නෙක මල් පිබිදෙයි හිත ළඟ.....

!_-_-_-_-පව් නේද මං-_-_-_-_!

බිම බලාගෙන ඇවිදින
හිනාව හංගන
කෙල්ලෝ අහිංසකයිලු............
ඔයා ගැනත් කවුද එහෙම කිව්වා
මම එහෙම හිතුවා
ඒත්..................
කියපු පොඞි වචනෙකට
ගස්සගෙන බිම බලාගත්තු ඔයා
මූණ රතු කර ගෙන
මට හොරෙන්ම හිනාවෙන ඔයා
අහිංසකයි කියලා හිතපු
මම හරි පව් නේද..................!

<<<<<<<::::::::::::- +'පියාණනි+'-:::::::::::::>>>>>>>

බෝහෝ දුරය ඔබ 
ලඟ විය නොහැකි තරමට
නොදැනුනි ඔබේ අගය
ලඟන් හිදිනා විට
මහා සයුරක ආදරයක්
සිතේ සඟවා ගෙන
දිය බිදෙන ආදරයක්
පමණක් පෙන්වු ඔබ
ලඟන් නැති අඩුව
දැනෙයි මට හොදින්ම
පියාණනි................................!



!.............:::::::::::::::: සුකුමල සඳවතිය ::::::::::::::::.............!

නිසල දිය සසල කර
වෙන්වන්නේ ඔබමයි
මලකින් සුවඳ සොරාගෙන
දුරස් වන්නේ ඔබමයි
අහසින් සුකුමල සඳවතිය ගෙන
හැර යන්නේ ඔබමයි
මගෙත් මගේ හිතත් ගෙන
හැඩෙව්වෙත් ඔබමයි

!..................: < - ඔබේ සුවඳ මට විතරයි - > :..................!

මල් උයනයි ඔබ නෙක මල් පුබුදන
ඒ මල් පිපුණේ මට විතරයි
දිවයන සුළඟට සුවඳ බෙදන්නට
ඉඩ නෑ සුවඳත් මට විතරයි................

ආල කතන්දර ලියා තබන්නට
සමනලයන් එයි මල් ගෙන යන්නට
දෙන්න එපා එක සිනා මලක් වත්
කුසුම මටයි ඒ මල් උයන මගෙයි........

හීන කොදෙව්වට පාර හදන්නට
බිඟු සේනා එයි සුවඳ හොයන්නට
දෙන්න එපා එක සුවඳ පොදක් වත්
සුවඳ මටයි මල් උයන මගෙයි.............

!-:-:_:_;_;_;_:-:_ - මගේ ආදරේ -_:-:_:_;_;_;_:-:-!

ආයෙමත් අපි හමුනොවනු ඇති
හීන විතරක් දෙනෙත් ළඟ ඇති
හමු නොවුණත් කමක් නෑ
මගේ ආදරේ හැමදාම ළග ඇති........

නොදැක සිටි කල් කල්පයක් වුව
තවම ඔබ හිත හැර ගියේ නැත
උදේ දහවල රැයද හැමවිට
ඔබේ රුව මගේ හදවතේ ඇත..........

පිච්ච මල්වල සුවඳ පොද මෙනි
අපේ ආදරණීය සිතුවිලි
රැයේ සිහිනෙන් නොආවොතින්
හිතේ උපදී දහස් මැසිවිලි........

!---------<..: [ හිතට දැනුනු තනිකම ] :..>---------!

හන්තානේ කඳු මුදුන වගෙයි ඔබ
අහසට ළංවී කවි කියනා
ඒ කඳු පාමුල තණ පඳුරක් වී
ඉන්නම් පොළවට දුක මුමුණා

නිලට නිලයි නිල් පාට අහස් ඟග
රන් තැටියක් සේ සඳ දිලෙනා
සොඳුරු රැයක පිනි වතුර ගලන විට
තනියට මට කඳුළක් වැටුනා

සුදට සුදයි සුදුපාට වළාකුළු
ඔබේ වතට තරුලුව හිඳිනා
ළහිරු සමඟ ඔබ සිනා නඟන විට
තනිවුණු මට හොදටම රිදුණා

!:::::::::-----------[ දඟකාරී ]-----------:::::::::!




වරක් සිත තුළ
වරක් නෙත තුළ
දඟකරන ඔබ
සිතින් පතන හැම සිතුවිල්ලක්ම
බිද හෙලා හිනහෙන නුඹ
මන්ද සැරි සරන්නේ
මා අබිමුව නිරතුරුවම

!--------::::::: -සප්තයේ සැනසුම- :::::::--------!

සිහින තාරකා පෙළහැර
අහස් කුසින් මතු වෙද්දි
ජිවිතයේ නියම තනුව
සප්තයේ දිදුළද්දී
සදා සරන මං තෙර තුළ
අතර මංව දුවයද්දි
නුඹයි සදා මා සිත
සැනසුම එකම කවිපේළියේ

!........::::::: (කදුල සුසුම මගේ තනියට) :::::::........!

 
මේ කඳුලු මල් මිට ඔබට
වෙන්ව යන විට රැගෙන යනු පිණිස
කොතැන සිටියත් හනික තනියට
ළගට එන්නේ කඳුල සහ සුසුමයි


හුදෙකලා රෑ රුදුරු පාළුව ළඟට පැමිණේ වී
බැඳුනු අත් යුග ගිලිහිලා බව සිතට මුමුණා වී
ළගට විත් හිස පිරිමදින ලෙස මගෙන් ඉල්ලා වී
ඒ වේලාවට කඳුලු ඇවිදින් කොපුල් අතගාවී

බලාගත් විට අහස් කුස දෙස සඳත් බැස යාවී
පිපෙන බිම්මල් සොයා රහසේ ම තරුත් ගිලිහේ වී
ඔබට මා වෙත එන්න බෑ ඔබ දුරයි සීදේවී
ඒ වෙලාවට සුසුම් පිටවී මා සෙයා ඒ වී

...............::::::::නුඔ නමින් තනිවෙමි::::::::...............

නිදි දෙව්දුව මා හැර ගිය
මේ පාළු අන්ධකාර රාත්‍රියේ
ඝණදුර තුළ සිරවී
සුසුම් හෙළමි.....
ජිවිතය, ජිවිතය ලෙසින්ම
අතහැර දැමු
ඔබ වෙනුවෙන්ම සුසුම් හෙළමි....
ජිවිතයට අරුත් කියා දෙන්නට
තවත් බොහෝ අය
පැමිණි නමුත්....
නුඹ පමණක්ම දන්නා
මගේ ජිවිත රිද්මය
වෙන කවරෙකුට හෝ
අවබෝධ කරගැනීමට
නොහැකි බව
මා දන්නා නිසාවෙන්ම
නුඹ නමින්
සැමදාටම තනිවෙමි......................... 

!.....::::: _-_-_- පින් මදි වී -_-_-_ :::::.....!



 සඳ කිඳුරු ජාතකයේ
සඳ කිඳුරා හා කිඳුරිය
ලෙස ඉන්නට සසරේ
පෙරුම් පුරමු කියා
දෙ අත් බැදන් 
ඔබ මට දිවුරුවාට...
එක්ව දෑත් බැදී ඉන්න
අපි දෙන්නා
සසරේ කරපු පින්මදි........

!....<:::::.....: අසම්මතයේ පෙම්වතුන් :......:::::>....!

අසම්මතයේ පෙම් කතාවක
පෙම්වතී ඔබ පෙම්වතා මම
පරම පවිතුරු අපේ සෙනෙහස
අසම්මතයේ සම්මත ව කිම...?


ඔබට මා නැති මටද ඔබ නැති
ලෝකයක් ගැන හිතන්නත් බැරි
මළානික හිරු නික්ම යන තුරු
අතින් අත අරගෙන සිනාසෙමු

රෝස මලකින් බමරු යන ලෙස

ඔබ ව තනිකර යන්න නම් බැරි
අපට අප හැර යන්න වුව ද
සිහින අරණක අපි අපේ වෙමු...............!

<--------: ආදරෙයි කියනු මැන :-------->


සිත ඔබට ආදරය කරයි
එහෙත් මුවඟ ගොලුයි
හදේ පිරුණු
සෙනෙහස
කියනු නොහැකිය.............
සත්තකින්ම මා ඔබට ආදරෙයි
ඔබට බැදි සෙනෙහස
අසීමිතයි
සිතට වදදෙයි බැදුණු
සෙනෙහස
ආදරෙයි කියනු මැන
එක් වතාවක්.............

!............:::::::: නුඹ ::::::::............!

මලක් වෙලා පිපුණාට නුඔ
සිත් අගිස්සෙන්
සඳක් වෙලා පැයුවාට නුඔ
මගේ නෙත් කැල්මෙන්
රැයක් පුරා සුවඳ දුන් නුඔ
කුමුදු මල ලෙසින්
ගඟක් වෙලා බැස ගියාට නුඔ
තරහ නෑ ඉතින්............!

අහිංසකාවියකගේ රාවය

මට විතරද දුක හිතෙන්නෙ
ඔබ නුදුටුවා ම
මගෙ විතර ද හිත හඩන්නේ
ඔබෙ ඇස් දෙක නුදුටුවාම


හැමදාමත් පුන්සද නෑ
අමාවකට අදුර එන්නෙ
හද නැති දුක දරා ගන්න
අහසින් පිනි කදුළු එන්නෙ
නිල් අහස වගේ තමයි අනේ
ඔබ නැතුවම මං අඩන්නෙ


පියුම් විලෙත් කොළ විතරයි
මල් කැකුළක් නැහැ පිපෙන්නෙ
මල් නැති දුක දරා ගන්න
විලත් වතුර හින්ද ගන්නෙ
ඒ විල වගේම තමයි අනේ
ඔබ නොදැකයි මං තැවෙන්නෙ

තැන තැන විසිරුණු නොහික්මුණු සිතවිලි එකට කැටි කොට ආදරයේ නාමයෙන් ඒ සොදුරැ සිතවිලි සංකලනය කිරීමට වෙහෙසෙන ආදරබර මිනිසෙකුගේ  ආත්මීය නවාතැන...........

ආදරයේ උන්මාදය

ආදරය

සෙනෙහසේ මුරකාරයා මම
ආදරේ හිමි කාරයා නොවුනත්
පෙම්වතුන්ගේ සිහින අතරේ
ඇවිද යමු පෙම් බහට ඉඩ නැතුවත්

ආදරය කවියක් වගෙයි
ඔබ ලගදි කවි මල් අකුරු වෙයි
ඒ කවි කියන්නට උරුම නැති මුත්
ආදරය ආදරයමයි

ආදරය කුසුමක් වගෙයි
ඔබේ සිතේ පුබුදන්නට සිතෙයි
ඒ මල් ඉබින්නට පින් නොමැති මුත්
ආදරේ ආදරේමයි

ආදරයේ සැනසීම

ඉර හිතුවේ හැංගෙන්න
කළුවරට ඉඩ දෙන්න සද පැතුවේ ළං වෙන්න තරු අහස සරසන්න ඔබ හිතුවෙ වෙන් වෙන්න
මගේ දෑස් හඞවන්න මම පැතුවේ ළං වෙන්න ඔබෙ හිතම සනසන්න

ආදරයේ නැවුම් නිසදැස් ,කවි සංකල්පනා, සමග හමුවෙමු

ඔබට ඔබේ සිත හදුනා ගත හැකිද ??????????

  • සිත අතරමං වෙලා රූදුරැ ගිම්හානයේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ආදරය කොතනද විරහ වේදනාවත් ඔහු පසු පස හඹා ඒවී

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා...
සිනාසුණෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙළුවා...

හිරුට සදුට නොකියා හොර රහසේ..
කාලය වියැකෙනවා.
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා..

පෙර දිනයක මා පෙම් කළ යුවතිය......
සිය පුතු නලවනවා...
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන්..
ඈතින් මතුවෙනවා..