!.............:::::::::::::::: සුකුමල සඳවතිය ::::::::::::::::.............!

නිසල දිය සසල කර
වෙන්වන්නේ ඔබමයි
මලකින් සුවඳ සොරාගෙන
දුරස් වන්නේ ඔබමයි
අහසින් සුකුමල සඳවතිය ගෙන
හැර යන්නේ ඔබමයි
මගෙත් මගේ හිතත් ගෙන
හැඩෙව්වෙත් ඔබමයි

!..................: < - ඔබේ සුවඳ මට විතරයි - > :..................!

මල් උයනයි ඔබ නෙක මල් පුබුදන
ඒ මල් පිපුණේ මට විතරයි
දිවයන සුළඟට සුවඳ බෙදන්නට
ඉඩ නෑ සුවඳත් මට විතරයි................

ආල කතන්දර ලියා තබන්නට
සමනලයන් එයි මල් ගෙන යන්නට
දෙන්න එපා එක සිනා මලක් වත්
කුසුම මටයි ඒ මල් උයන මගෙයි........

හීන කොදෙව්වට පාර හදන්නට
බිඟු සේනා එයි සුවඳ හොයන්නට
දෙන්න එපා එක සුවඳ පොදක් වත්
සුවඳ මටයි මල් උයන මගෙයි.............