පුංචි තරුව

ඈත අහසේ දිලෙන සුපුන්
හදවත සේම
ළං වෙන්න නොහැකි ලෙස
නූඹ දුරයි මට බෝම
ඒත් සඳ ළග පිපුණු පුංචි
තරුවක් සේම
දුක දරා බලා ඉදිමි නුඹ දෙසම
මා හැමදාම.....................

ඒ පුංචි ආදරේ

මෙම ගීතයේද සම්පූර්ණ අයිතිය කමල් කුමාර සතුයි

පරවු මල



සුවඳක් ගානේ එලියක් නෑනේ
සුමුදු පෙති අතර ගුමුගුමු නෑනේ
තනියක්ද දැනේ පාවෙන ගුවනේ
අතුපතර අරන් පදවනුනෑනේ


නටුවක් නෑනේ බිඟු පැනි නෑනේ
සමනල පැහැයත් මිලින උනානේ
ලත පන නෑනේ සිත දිරි නෑනේ
බැතිබර වී හිඳ මුණිපා නෑනේ


නපුරු උනානේ උඬගු උනානේ
උස අත්තක හිඳ උඩ බැලුවානේ
නවතිනු බෑනේ යලි එනු බෑනේ
පරවු කල මල බිම වැටුනානේ






මා විශේෂයෙන්ම කිව යුතුයි මෙම පද පෙළ  මාගේ මිතුරෙකුවන කමල් කුමාරගේ වන අතර සම්පූර්ණ අයිතිය ඔහු සතුය

ඇය

හොඳන් පණ පොවන ලද
මිටි හිසකි
ඇගේ හිස......


මුල සිටම මම
කුඩා ඇණයක් විය....


තාම ඉඳ හිට
ඒ ඇසින් ලන
පුංචි පහරක්
වුනත් ඇති මට
කඩා බිඳගෙන
බොහෝ ගැඹුරට
අතීතය
විදගෙන බහින්නට.......!