සිංහල ගීත

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන් වත් නොදකින කුමරා //

කලුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය
ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැස යන්න


මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මං කවුළු පියන්
ඇරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න..









ඔබ නිදනා සීතල පොළොවේ..
මලක් පිපීලා නමක් නැතී..
ඔබා දණ බිම, නැමී සිප ගමි..
නුඹේ කිරි සුවඳයි අම්මේ..

අම්මා.. අම්මා..

වැවේ පතුලෙන් දොවා ගත් පැන්..
පිරිත් පැන් සේ පොවාලා..
හොවා උකුලේ පුරා මාවිටි..
කුළී මාළිග තනාලා..

අම්මා.. අම්මා..

ඇසේ ඇසිපිය වසා කඳුලට..
හිතේ දුක් ගිනි දරාලා..
මහා බෝසත් පෙරුම් පිරුවේ..
අපේ බුදු බව පතාලා..

අම්මා.. අම්මා..














මුලු ‍ලොවම නැති වුනත්
එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්

ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
වරම් නැතිවු ලෝකයෙන්
වෙන්ව සිටිනා හුදකලාවේ
එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්

ලොවේ දිනයක තනි ‍වුනෝතින්
ඔබේ හද ‍සෝ තා‍පයෙන්
සොයා ‍එන්නට සිටින කැප වී
එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන්









සැඳෑ කළුවර කුරගගාවිත්
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සඳ මගේ සරා සඳ
තනිවෙලා මා තනිවෙලා

වළාකුලකුදු නොමැති අහසේ
මළානිකවූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළුවී ඇත
අඳුර පමණක් රජවෙලා

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා





අවපස අසහක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ
ඉම ඔබ රැදුනේ

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැල මුතු සෙනෙහස
මද පවනක් වීගැඹරේ නිම මුමුණනවා

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙර මග හිනැහෙනවා
විකසිත සිහිනේ සුභ කවියක් සේ
දෙනෙතේ සිත ලියැවෙනවා



අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ

මාවත අවහිර නිමවා දල රළ පෙළ සැතපෙනවා
සැලමුතු සෙනෙහස මද පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමග හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක්වී
දෙනෙතේ සිත ලියැවෙනවා









1 comments:

Anonymous said...

wowniyama kollekne

Post a Comment