Showing posts with label love. Show all posts
Showing posts with label love. Show all posts
කොද මලක් වී පිපෙන තුරු ඔබ

රත්තරං වැස්සක්
ඔය ඇස් දෙකෙන් වස්වා
ආදරේ සද දියට මුසුවී
ගලන්නට දෙන්න
ජීවිතේ පවතින තුරාවට
මගේ ළගම ඉන්න......


හදවත විලක් කරමි
සද දියට රහසින් පතිත වන්නට
ඉඩ තබා ගනිමි 
කොද මලක් වී පිපෙන තුරු ඔබ
මග බලා ඉදිමි........


හිරුට දොර අරිමි
හදවිලට අරුණළු අරන් එන්නට
ඇරයුමක් කරමි
සිය පතක් වී පිපෙන දා ඔබ
ආදරෙයි කියමි..........!