රත්තරං වැස්සක්
ඔය ඇස් දෙකෙන් වස්වා
ආදරේ සද දියට මුසුවී
ගලන්නට දෙන්න
ජීවිතේ පවතින තුරාවට
මගේ ළගම ඉන්න......
හදවත විලක් කරමි
සද දියට රහසින් පතිත වන්නට
ඉඩ තබා ගනිමි
කොද මලක් වී පිපෙන තුරු ඔබ
මග බලා ඉදිමි........
හිරුට දොර අරිමි
හදවිලට අරුණළු අරන් එන්නට
ඇරයුමක් කරමි
සිය පතක් වී පිපෙන දා ඔබ
ආදරෙයි කියමි..........!
ඔබ නැතුව ඔබ එක්ක (with u without u)
-
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත ප...
8 years ago