<<<<<<<::::::::::::- +'පියාණනි+'-:::::::::::::>>>>>>>

බෝහෝ දුරය ඔබ 
ලඟ විය නොහැකි තරමට
නොදැනුනි ඔබේ අගය
ලඟන් හිදිනා විට
මහා සයුරක ආදරයක්
සිතේ සඟවා ගෙන
දිය බිදෙන ආදරයක්
පමණක් පෙන්වු ඔබ
ලඟන් නැති අඩුව
දැනෙයි මට හොදින්ම
පියාණනි................................!



!.............:::::::::::::::: සුකුමල සඳවතිය ::::::::::::::::.............!

නිසල දිය සසල කර
වෙන්වන්නේ ඔබමයි
මලකින් සුවඳ සොරාගෙන
දුරස් වන්නේ ඔබමයි
අහසින් සුකුමල සඳවතිය ගෙන
හැර යන්නේ ඔබමයි
මගෙත් මගේ හිතත් ගෙන
හැඩෙව්වෙත් ඔබමයි

!..................: < - ඔබේ සුවඳ මට විතරයි - > :..................!

මල් උයනයි ඔබ නෙක මල් පුබුදන
ඒ මල් පිපුණේ මට විතරයි
දිවයන සුළඟට සුවඳ බෙදන්නට
ඉඩ නෑ සුවඳත් මට විතරයි................

ආල කතන්දර ලියා තබන්නට
සමනලයන් එයි මල් ගෙන යන්නට
දෙන්න එපා එක සිනා මලක් වත්
කුසුම මටයි ඒ මල් උයන මගෙයි........

හීන කොදෙව්වට පාර හදන්නට
බිඟු සේනා එයි සුවඳ හොයන්නට
දෙන්න එපා එක සුවඳ පොදක් වත්
සුවඳ මටයි මල් උයන මගෙයි.............

!-:-:_:_;_;_;_:-:_ - මගේ ආදරේ -_:-:_:_;_;_;_:-:-!

ආයෙමත් අපි හමුනොවනු ඇති
හීන විතරක් දෙනෙත් ළඟ ඇති
හමු නොවුණත් කමක් නෑ
මගේ ආදරේ හැමදාම ළග ඇති........

නොදැක සිටි කල් කල්පයක් වුව
තවම ඔබ හිත හැර ගියේ නැත
උදේ දහවල රැයද හැමවිට
ඔබේ රුව මගේ හදවතේ ඇත..........

පිච්ච මල්වල සුවඳ පොද මෙනි
අපේ ආදරණීය සිතුවිලි
රැයේ සිහිනෙන් නොආවොතින්
හිතේ උපදී දහස් මැසිවිලි........

!---------<..: [ හිතට දැනුනු තනිකම ] :..>---------!

හන්තානේ කඳු මුදුන වගෙයි ඔබ
අහසට ළංවී කවි කියනා
ඒ කඳු පාමුල තණ පඳුරක් වී
ඉන්නම් පොළවට දුක මුමුණා

නිලට නිලයි නිල් පාට අහස් ඟග
රන් තැටියක් සේ සඳ දිලෙනා
සොඳුරු රැයක පිනි වතුර ගලන විට
තනියට මට කඳුළක් වැටුනා

සුදට සුදයි සුදුපාට වළාකුළු
ඔබේ වතට තරුලුව හිඳිනා
ළහිරු සමඟ ඔබ සිනා නඟන විට
තනිවුණු මට හොදටම රිදුණා

!:::::::::-----------[ දඟකාරී ]-----------:::::::::!




වරක් සිත තුළ
වරක් නෙත තුළ
දඟකරන ඔබ
සිතින් පතන හැම සිතුවිල්ලක්ම
බිද හෙලා හිනහෙන නුඹ
මන්ද සැරි සරන්නේ
මා අබිමුව නිරතුරුවම

!--------::::::: -සප්තයේ සැනසුම- :::::::--------!

සිහින තාරකා පෙළහැර
අහස් කුසින් මතු වෙද්දි
ජිවිතයේ නියම තනුව
සප්තයේ දිදුළද්දී
සදා සරන මං තෙර තුළ
අතර මංව දුවයද්දි
නුඹයි සදා මා සිත
සැනසුම එකම කවිපේළියේ

!........::::::: (කදුල සුසුම මගේ තනියට) :::::::........!

 
මේ කඳුලු මල් මිට ඔබට
වෙන්ව යන විට රැගෙන යනු පිණිස
කොතැන සිටියත් හනික තනියට
ළගට එන්නේ කඳුල සහ සුසුමයි


හුදෙකලා රෑ රුදුරු පාළුව ළඟට පැමිණේ වී
බැඳුනු අත් යුග ගිලිහිලා බව සිතට මුමුණා වී
ළගට විත් හිස පිරිමදින ලෙස මගෙන් ඉල්ලා වී
ඒ වේලාවට කඳුලු ඇවිදින් කොපුල් අතගාවී

බලාගත් විට අහස් කුස දෙස සඳත් බැස යාවී
පිපෙන බිම්මල් සොයා රහසේ ම තරුත් ගිලිහේ වී
ඔබට මා වෙත එන්න බෑ ඔබ දුරයි සීදේවී
ඒ වෙලාවට සුසුම් පිටවී මා සෙයා ඒ වී