මම වෙනස් වුනේ නෑ

මල් වලට කතාකරන්න බෑ..
සමනල්ලුන්ට තේරෙන්නෑ..
ඒත් මං....
කවදාවත් වෙනස් වුනේ නෑ................!

සුභ අලුත් අවුරුද්දක් වේවා.................!



(මේ අලුත් අවුරුද්ද හැමෝටම සුභ වේවා)


මේ ඔබේම ආදර සිතුවිල්ල...........!

මිනිසෙකුගේ ජීවිතයට ගැහැනියක් බලපාන හැටි නිකමටවත් හිතිල තියනවද?

ඕව් සමහරුන්ව කන්නෙත් ගැහැනු, සමහරුන්ව හදන්නෙත් ගැහැනු,
අහම්බෙන් අන්තර්ජාලයේ දැක්ක ලස්සන වැකි කිහිපයක් දැකල මට හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනෙ කියල...පොඩ්ඩක් බලන්න ලස්සනද කියල




මං ඉපදුනු වෙලේ මාව අල්ල ගන්න,
උනුසුම දෙන්න ගැහැනියක් ළග හිටිය...
ඒ තමා 
මගේ අම්ම


I was born,
a woman was there
to hold me : -My Mother-






ළදරුවෙකු ලෙස මා වැඩෙද්දී,
මාව ‍රැකබලා ගන්න,
සෙල්ලම් කරන්න ගැහැනයක් සිටියා.....
ඒ තමා මගේ

සහෝදරිය..


I grew as a child,
A woman was there
to care for me, to
play with me : -My Sister-










මං පාසල් යන විට මට ඉගෙන ගන්න,
උදවු කරන්න ගැහැනියක් සිටියා.
ඒ තමා මගේ
ගුරුතුමිය


I went to school,
A woman was there
to help me learn : -My Teacher-









මා අධ්‍යර්යමත් වන විට,
මා මං මුලා වන විට, මට ප්‍රශ්න විසද ගන්න ,
හැමවිටම මට ශක්තිය ලබා දෙන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
බිරිද


I became depressed, whenever I lost.
A woman was there
to offer a shoulder : -My Wife-








මං සැරපරුෂ වන විට,
මගේ හදවත උනුකරන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
දියනිය

I became tough,
A woman was there
to melt me : -My Daughter-







මා මියැදෙන විට මාව බාර ගන්න ගැහැනියක් ඉදීවි,
ඒ තමා මගේ
ම්ව්බිම


I am dying,
A woman is there to
absorb me in : -My Motherland-



පුංචි තරුව

ඈත අහසේ දිලෙන සුපුන්
හදවත සේම
ළං වෙන්න නොහැකි ලෙස
නූඹ දුරයි මට බෝම
ඒත් සඳ ළග පිපුණු පුංචි
තරුවක් සේම
දුක දරා බලා ඉදිමි නුඹ දෙසම
මා හැමදාම.....................

ඒ පුංචි ආදරේ

මෙම ගීතයේද සම්පූර්ණ අයිතිය කමල් කුමාර සතුයි

පරවු මල



සුවඳක් ගානේ එලියක් නෑනේ
සුමුදු පෙති අතර ගුමුගුමු නෑනේ
තනියක්ද දැනේ පාවෙන ගුවනේ
අතුපතර අරන් පදවනුනෑනේ


නටුවක් නෑනේ බිඟු පැනි නෑනේ
සමනල පැහැයත් මිලින උනානේ
ලත පන නෑනේ සිත දිරි නෑනේ
බැතිබර වී හිඳ මුණිපා නෑනේ


නපුරු උනානේ උඬගු උනානේ
උස අත්තක හිඳ උඩ බැලුවානේ
නවතිනු බෑනේ යලි එනු බෑනේ
පරවු කල මල බිම වැටුනානේ






මා විශේෂයෙන්ම කිව යුතුයි මෙම පද පෙළ  මාගේ මිතුරෙකුවන කමල් කුමාරගේ වන අතර සම්පූර්ණ අයිතිය ඔහු සතුය

ඇය

හොඳන් පණ පොවන ලද
මිටි හිසකි
ඇගේ හිස......


මුල සිටම මම
කුඩා ඇණයක් විය....


තාම ඉඳ හිට
ඒ ඇසින් ලන
පුංචි පහරක්
වුනත් ඇති මට
කඩා බිඳගෙන
බොහෝ ගැඹුරට
අතීතය
විදගෙන බහින්නට.......!

!--------::::::: ආදරයේ සුවඳ- :::::::--------!




සිල් සුවඳ විඳින සිතකින්
මල් පෙති සිප හුරු මට
මබෙ කම්මුල් මල් පෙති වාගෙ යි
ආදර සුවඳ හමයි..........

සඳ මියැදෙන පෝයට
තරු මල් දැක හුරු මට
ඔබෙ දෙනෙතට ළංවන විට
සඳ තරු දෙක මගෙ ළඟ.......

මල් පරවෙන නියඟට
බිඟු කඳුළක් හුරු මට 
ඔබ හමුවන සුබ දවසට 
නෙක මල් පිබිදෙයි හිත ළඟ.....