(මේ අලුත් අවුරුද්ද හැමෝටම සුභ වේවා)
මේ ඔබේම ආදර සිතුවිල්ල...........!
ඕව් සමහරුන්ව කන්නෙත් ගැහැනු, සමහරුන්ව හදන්නෙත් ගැහැනු,
අහම්බෙන් අන්තර්ජාලයේ දැක්ක ලස්සන වැකි කිහිපයක් දැකල මට හිතුන ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනෙ කියල...පොඩ්ඩක් බලන්න ලස්සනද කියල
මං ඉපදුනු වෙලේ මාව අල්ල ගන්න,
උනුසුම දෙන්න ගැහැනියක් ළග හිටිය...
ඒ තමා
මගේ අම්ම
I was born,
a woman was there
to hold me : -My Mother-
ළදරුවෙකු ලෙස මා වැඩෙද්දී,
මාව රැකබලා ගන්න,
සෙල්ලම් කරන්න ගැහැනයක් සිටියා.....
ඒ තමා මගේ
සහෝදරිය..
I grew as a child,
A woman was there
to care for me, to
play with me : -My Sister-
මං පාසල් යන විට මට ඉගෙන ගන්න,
උදවු කරන්න ගැහැනියක් සිටියා.
ඒ තමා මගේ
ගුරුතුමිය
I went to school,
A woman was there
to help me learn : -My Teacher-
මා අධ්යර්යමත් වන විට,
මා මං මුලා වන විට, මට ප්රශ්න විසද ගන්න ,
හැමවිටම මට ශක්තිය ලබා දෙන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
බිරිද
I became depressed, whenever I lost.
A woman was there
to offer a shoulder : -My Wife-
මං සැරපරුෂ වන විට,
මගේ හදවත උනුකරන්න ගැහැනියක් සිටියා..
ඒ තමා මගේ
දියනිය
I became tough,
A woman was there
to melt me : -My Daughter-
මා මියැදෙන විට මාව බාර ගන්න ගැහැනියක් ඉදීවි,
ඒ තමා මගේ
ම්ව්බිම
I am dying,
A woman is there to
absorb me in : -My Motherland-
මල් උයනයි ඔබ නෙක මල් පුබුදන
ඒ මල් පිපුණේ මට විතරයි
දිවයන සුළඟට සුවඳ බෙදන්නට
ඉඩ නෑ සුවඳත් මට විතරයි................
ආල කතන්දර ලියා තබන්නට
සමනලයන් එයි මල් ගෙන යන්නට
දෙන්න එපා එක සිනා මලක් වත්
කුසුම මටයි ඒ මල් උයන මගෙයි........
හීන කොදෙව්වට පාර හදන්නට
බිඟු සේනා එයි සුවඳ හොයන්නට
දෙන්න එපා එක සුවඳ පොදක් වත්
සුවඳ මටයි මල් උයන මගෙයි.............
ආයෙමත් අපි හමුනොවනු ඇති
හීන විතරක් දෙනෙත් ළඟ ඇති
හමු නොවුණත් කමක් නෑ
මගේ ආදරේ හැමදාම ළග ඇති........
නොදැක සිටි කල් කල්පයක් වුව
තවම ඔබ හිත හැර ගියේ නැත
උදේ දහවල රැයද හැමවිට
ඔබේ රුව මගේ හදවතේ ඇත..........
පිච්ච මල්වල සුවඳ පොද මෙනි
අපේ ආදරණීය සිතුවිලි
රැයේ සිහිනෙන් නොආවොතින්
හිතේ උපදී දහස් මැසිවිලි........
මේ කඳුලු මල් මිට ඔබට
වෙන්ව යන විට රැගෙන යනු පිණිස
කොතැන සිටියත් හනික තනියට
ළගට එන්නේ කඳුල සහ සුසුමයි
හුදෙකලා රෑ රුදුරු පාළුව ළඟට පැමිණේ වී
බැඳුනු අත් යුග ගිලිහිලා බව සිතට මුමුණා වී
ළගට විත් හිස පිරිමදින ලෙස මගෙන් ඉල්ලා වී
ඒ වේලාවට කඳුලු ඇවිදින් කොපුල් අතගාවී
බලාගත් විට අහස් කුස දෙස සඳත් බැස යාවී
පිපෙන බිම්මල් සොයා රහසේ ම තරුත් ගිලිහේ වී
ඔබට මා වෙත එන්න බෑ ඔබ දුරයි සීදේවී
ඒ වෙලාවට සුසුම් පිටවී මා සෙයා ඒ වී
නිදි දෙව්දුව මා හැර ගිය
මේ පාළු අන්ධකාර රාත්රියේ
ඝණදුර තුළ සිරවී
සුසුම් හෙළමි.....
ජිවිතය, ජිවිතය ලෙසින්ම
අතහැර දැමු
ඔබ වෙනුවෙන්ම සුසුම් හෙළමි....
ජිවිතයට අරුත් කියා දෙන්නට
තවත් බොහෝ අය
පැමිණි නමුත්....
නුඹ පමණක්ම දන්නා
මගේ ජිවිත රිද්මය
වෙන කවරෙකුට හෝ
අවබෝධ කරගැනීමට
නොහැකි බව
මා දන්නා නිසාවෙන්ම
නුඹ නමින්
සැමදාටම තනිවෙමි.........................
මට විතරද දුක හිතෙන්නෙ
ඔබ නුදුටුවා ම
මගෙ විතර ද හිත හඩන්නේ
ඔබෙ ඇස් දෙක නුදුටුවාම
හැමදාමත් පුන්සද නෑ
අමාවකට අදුර එන්නෙ
හද නැති දුක දරා ගන්න
අහසින් පිනි කදුළු එන්නෙ
නිල් අහස වගේ තමයි අනේ
ඔබ නැතුවම මං අඩන්නෙ
පියුම් විලෙත් කොළ විතරයි
මල් කැකුළක් නැහැ පිපෙන්නෙ
මල් නැති දුක දරා ගන්න
විලත් වතුර හින්ද ගන්නෙ
ඒ විල වගේම තමයි අනේ
ඔබ නොදැකයි මං තැවෙන්නෙ
ඉර හිතුවේ හැංගෙන්න
කළුවරට ඉඩ දෙන්න සද පැතුවේ ළං වෙන්න තරු අහස සරසන්න ඔබ හිතුවෙ වෙන් වෙන්න
මගේ දෑස් හඞවන්න මම පැතුවේ ළං වෙන්න ඔබෙ හිතම සනසන්න
නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා...
සිනාසුණෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙළුවා...
හිරුට සදුට නොකියා හොර රහසේ..
කාලය වියැකෙනවා.
නෙත් අදහන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකී යනවා..
පෙර දිනයක මා පෙම් කළ යුවතිය......
සිය පුතු නලවනවා...
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන්..
ඈතින් මතුවෙනවා..